පුවත්

මාලිගාවත්තේදී වෙඩි කා රෝහලේ සිටි අයෙක් මරුට

Published

on

මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා පසුගිය පළමු වනදා මාලිගාවත්ත එච්. ආර් ජෝතිපාල මාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවය.

ඔහු කොළඹ 08 බේස්ලයින් පාර, ප්‍රදේශයේ පදිංචිය සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

යතුරුපැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

වෙඩිතැබීම සඳහා පැමිණි වයස අවුරුදු 20ක යතුරුපැදිකරු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

Trending

Exit mobile version