Connect with us

පුවත්

මාලිමාවට බලයදීම දකුණු ආසියාවටම තර්ජනයක් – විග්නේෂ්වරන්

Published

on

ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ දෙමළ පොදු අපේක්ෂකයාගේ යාපනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.

අනුර කුමාර දිසානායකට රටේ ආර්ථිකය සංවර්ධනය කරවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඔහුව බලයට පත්කිරීමට සහාය නොවන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

‘‘ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට මේ රටේ බහුතරයක් ජනතාව කැමැති නැහැ. 88 / 89 කාලවලදී ඔවුන් විසින් කරන ලද විනාශකාරී ක්‍රියාවන් බැලීමේදී ඉතිහාසය අමතක කර සැනසීමෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් කොහෙත්ම නැහැ. මේ දවස්වල අනුර කුමාරගේ රැස්වීම්වලට සහභාගී වන ජනතාව දෙස බලා බොහෝ අය හීන මවාගන්නවා ඔහු මේ රටේ ජනාධිපතිවරයා වේවි කියා. නමුත් එවැන්නක් කොහෙත්ම සිදුවන්නේ නැහැ.

එහෙම සිදුවුණත් ඔහුට ගෝඨාභය ජනාධිපති ධුරය දැරූ කාලයවත් ධුරය දරන්න බැහැ’’ යැයි හෙතෙම කීවේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved