Connect with us

පුවත්

මාලිමාවේ ඇමතිවරයෙක්ට පෙත්සමක්

Published

on

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවය.

උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා  දී තිබුණි.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved