Connect with us

පුවත්

“මාලිමාව දේශපාලනය පාසල් ඇතුළට රිංගවලා”

Published

on

ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බව එහිදී ඔහු විමසා සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා ,

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්‍රශ්නය තමයි ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්‍රශ්නය ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්‍රශ්නය වෙන්නේ ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්‍රශ්නය අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්‍රශ්නය ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට. මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50%ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.

මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ “පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම” ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනි කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්‍ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved