පුවත්

මාවතගම ගැටුමකින් තරුණයෙක් මරුට; 7ක් අත්අඩංගුවට

Published

on

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.

ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

ගැටුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයකි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා ඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version