Connect with us

පුවත්

“මාව මරල දැම්මොත් මේකෙ පිටිපස්සෙ ඉන්න අය වගකිව යුතුයි“

Published

on

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාව තුළින් VFS වීසා ගනුදෙනුවේදී සිදුව ඇත්තේ කුමක්දැයි හෙළිදරව් කරගැනීමට කටයුතු කරන විට රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරු ඔහුට තර්ජනය කරන බවත් මෙම ගනුදෙනුව මගින් මහ බැංකු ගනුදෙනුවටත් වඩා විනාශයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ මෙම වීසා ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීමට මුදල් කාරක සභාව උත්සාහ කළත් කාරක සභාවේ පිරිසක් එය කඩාකප්පල් කළ බවයි. මෙම තත්ත්වය හමුවේ තමාගේ ආරක්ෂාව තර කරන මෙන් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා.  මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද?“

මෙම වීසා ප්‍රශ්නය ගැන සාකච්ඡාව නිසි පරිදි සිදුකිරීමට මුදල් කාරක සභාවේ ඇතැම් සාමාජිකයින් අවස්ථාව ලබා නොදුන් බවත් ඒ පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එසේම, තමාව මුදල් කාරක සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එයින් තමා පසුබට නොවන බවත් හෙතෙම කීය.  

“මෙහිදී, අතිශයින් බලපෑම් සිදුවුණා. වෘත්තීයමය තත්ත්වය විහිළුවට ලක්වුණා. මම දැඩි අපහසුතාවයට පත්වුණා. සමහර සාමාජිකයින් මහ ලේකම්තුමිය බලෙන් කමිටුවට කැඳෙව්වා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. එතුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධානියා.“

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved