පුවත්

මාසෙට මිලියන 5ක් හොයාගන්න බැරිව නෙවිල්ගේ රෝහලත් ඉන්දියාවට

Published

on

රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා ගැනීමට නියමිත බවද පැවසේ.

ඊට අදාළ දැන්වීම් ලබන සතියේදී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් ඇති බවද පැවසේ.

මේ අතර, යෝජනා කැඳවීමට ප්‍රථම පෞද්ගලික ආයෝජකයන් දෙදෙනකු සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇතැයි පැවසේ.

ඉන් එක් අයෙකු ඉන්දීය ආයෝජකයෙක් බවද පැවසේ.

මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගත්තද එය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් මහා භාණ්ඩාගාරය වාර්ෂිකවද ලබාදී තිබේ.

එම මුදල ලබා දීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

තවද රෝහලට අවශ්‍ය වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් පරිදි ලබාදීමට නොහැකි වීමද ගැටලුවක් වී ඇති බවද පැවසේ.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගනු ලැබුවේ යහපාලන ආණ්ඩුව සමයේය.

ඒ 2017 ජූලි මස 17 වැනිදාය. එවකට ජනාධිපතිවරයා ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම රෝහල අමාත්‍යාංශයට පවරා ගැනුණි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත්ව තිබූ මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියාව මිත්‍රත්ව රෝහල ලෙසද එවක නම් කර තිබිණි.

මෙහි වටිනාකම වූයේ රුපියල් බිලියන තුන හමාරකි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version