පුවත්

මාස 8ට වෙඩි තැබීම් 71ක් ඝාතන 41ක්

Published

on

මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා රටපුරා වෙඩි තැබීම් 71කදී මිනිස් ඝාතන 41ක් සිදුවී ඇති බවත් ඉන් තුවාල ලත් සංඛ්‍යාව 31ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම් සහ පෞද්ගලික ආරවුල් ද එම වෙඩි තැබීම් සඳහා හේතු වී ඇතැයි ඔහු කියා සිටී.

එසේම  දකුණු පළාත සහ බස්නාහිර පළාත ප්‍රමුඛ කොට සිදුවන මෙකී වෙඩි තැබීම් බොහොමයක් ඩුබායි ඇතුළු විදෙස් රටවල සිටින පාතාල සාමාජිකයන් විසින් කුලී ඝාතකයන් සහ සිය ගෝලයන් යොදවා සිදු කරන වෙඩි තැබීම් බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අනාවරණය කළේය.

Trending

Exit mobile version