Connect with us

පුවත්

මාස 9 ට අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

Published

on

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ.

ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කලේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්ය.

ඊට අමතරව සිවිල් පුද්ගලයින් 22කු අදාළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පුද්ගලයින් 68 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම කාලය තුළ නඩු 56ක් අවසන් කිරීමට ද පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කලේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු 237ක් තවදුරටත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර විත්තිකරුවන් 19 දෙනෙකු මේ වසරේ ගතවූ කාලය තුළ වරදකරුවන් බවට පත්වී ඇති බව සඳහන්ය.

පුවත්

2024 උ / පෙළ ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

Continue Reading

පුවත්

NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක (වීඩියෝ)

Published

on

By

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. 

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, 

එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය

Continue Reading

පුවත්

රත්නපුර රෝහලේ සේවකයින් 166කට ඩෙංගු

Published

on

By

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධිකය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved