පානදුර ප්‍රදේශයේ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමු වී තිබේ.
පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත.
එහිදී, සිය බාල පුත්‍රයා ආහාරයට ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමු වූ බව ඔහු සඳහන් කලේය.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, අද දිනයේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසය.
ඒ, අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සූදානම් වුවත් එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
එහිදී නිලධාරීන් පවසා ඇත්තේ එම හෝටලය පානදුර නගර සභා සීමාවේ ඇති හෝටලයක් බැවින් ඒ සම්බන්ධයෙන් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙසය.