Connect with us

පුවත්

මාෆියාවේ මහා වැරදි තියෙද්දි ආණ්ඩුව ත්‍රීවිල් කෑලි ගලවනවා

Published

on

මාෆියාව සුද්ද නොකර ආණ්ඩුව වටේට ගොස් ත්‍රීවීල් කෑලි ගලවමින් සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (08) පාර්ලිමේන්තුවේදි පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ සිය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එදා දේශපාලන වේදිකාවේ උඩ පැන පැන බලය ලැබුන විට මාෆියා නැතිකරන බව කියූ අනුර ඇතුළු ආණ්ඩුවට දැන් දින 100ක් ගතවෙද්දීවත් ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක්වත් නොමැති බවයි

මන්ත්‍රීවරයා දැක්වූ අදහස්, 

“මහා පරිමාණ සහල් මෝල් හිමියන් ලක්ෂ ගානක් වී තොග ගබඩා කරගෙන තියෙනවා. හැබැයි හාල් ගිනි ගණන්. සාමාන්‍ය මිනිහට හාල් ගන්න බෑ.

දිගටම රටේ සංවාදයක් තිබුනා. දේශපාලන වේදිකාවේ හඬක් නැඟුවා මේ වී ගොවියාට සාධාරණ මිලක් දෙන අතර පාරිභෝගිකයාට සාධාරණ හාල් මිලක් දෙන්න කියලා. අද දෙකම වෙන්නේ නෑ. දැන් මේ මාස 3ක් දින 100ක් දෙකම වෙන්නේ නෑ. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා.

විශේෂඥයෝ කීපදෙනෙක්, National Institute Post Harvest Management (NIPHM) කියනවා මහා පරිමාණයේ වී මෝල් හිමියන් දවසකට උපයන ආදායම ලක්ෂ 40ක්. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 1200ක් උපයනවා කියලා NIPHM කියනවා. දැන් ඔයාලා දන්නවා කොහෙද ලාබේ තියෙන්නේ? මේ වාසිය ගොවියාට යන්නෙත් නෑ. පාරිභෝගිකයාට යන්නෙත් නෑ. මේ ආණ්ඩුව පත් කරේ සිස්ටම් චේන්ජ් එක කරන්න.

මේ ක්ශේත්‍රය තුල සිටින බැඳියාවන්, පුද්ගලික බැඳියාවන් තියෙන මහා පරිමාණයේ වී මෝල් හිමියන්  ව්‍යාපාරික බලවතුන් දේශපාලන බලවතුන් බැංකු නිලධාරීන් එකතු වෙලා ඒ ගොල්ලන්ගේ තවත් මාෆියාවක් මේ රටේ තියෙනවා. මේක අපි දන්නවා.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා මැතිවරණ වේදිකාවේ හිටගෙන උඩ පැන පැන කිව්වා ජේවීපී එකට විතරයි මේ මාෆියාව කඩන්න පුලුවන් කියලා. බලයට ආව ගමන් කඩනවා කිව්වා…….

හාල් මාෆියාව සුද්ද කරන්නේ නැතුව වටේට ගිහින් අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල රට වටේ ගිහිල්ලා මේ ත්‍රීවීල් වල තියෙන බුදු පිළිම ගලවනවා…..පදික වේදිකාවේ දුප්පත් මිනිස්සුන්ගේ බුලත් කඩ ටික කඩනවා. මේක නෙවේ මිනිස්සු ඉල්ලුවේ.

ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒක ඉස්සරහට දාගෙන මේ මහා පරිමාණ වැරදි ටික වසාගෙන යනවා”.

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved