පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් නම් සයිබර් ප්‍රහාරයෙන් මැකීගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වෛරස් මෘදුකාංගයක් පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා ඇත.
රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් ඇති අතර රාජ්‍ය වෙබ් අඩවිවල දත්ත සඳහා ඉන් බලපෑමක් වී නොමැති බවද පවසයි.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා මේ වනවිට භාර දී ඇති බව ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා පවසයි .