Connect with us

පුවත්

මැතිවරණය කල් දාන්න හදනවට නීතීඥයෝ කනස්සල්ලෙන් !

Published

on

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත

ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක වීමට බාධා විය හැකි කිසිදු පියවරක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක්ද කොට ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ එහි ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් කොට ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ තැන්පතු නැවත දැනුම් දෙන තුරු බාර නොගන්නා ලෙස උපදෙස් දෙමින් පසුගිය 09 වැනිදා රාජ්‍ය පරිපාලන” ස්වදේශ කටයුතු” පළාත සභා සහ පළාත පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම් දීමකට අනුව පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් බාර ගන්නා ලෙස දැනුම් දෙමින් ඊට පෙර ඔහු විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද චක්‍රලේඛණය ආපසු කැඳවා ඇතැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය එමඟින් පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස නියෝග කොට ඇතැයිද පෙන්වා දී ඇත.

මේ තත්වය මත පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නිශේෂ වනු ඇතැයිද ජනතා නියෝජිතයින් පත් කර ගැනීමට ජනතාවට ඇති ස්වෛයරී අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතීයේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවත් පහරක් වනු ඇතැයිද පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීම තුළින් රට සහ ජනතාව කෙරෙහි බලපාන විනාශකාරී ක්‍රියාවලට හේතූ විය හැකි බවටද පෙන්වා දී ඇත.

ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක වීමට බාධා විය හැකි කිසිදු පියවරක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙනසහ රජයෙන් ඉල්ලීමක්ද කොට ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ තැන්පතු බාර ගැනීම දිගටම කරගෙන යන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක්ද කොට ඇත.

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved