මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.