මින් පසු මැතිවරණවලදී පාසල් කාර්ය මණ්ඩල හා පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේදී වඩා සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙමින් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබේ.
ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට හා එම කාර්ය මණ්ඩලයට මෙන්ම ගණන් කිරීමේ කාර්යයේ යෙදී සිටි අනෙකුත් කාර්ය මණ්ඩලයටත් ඡන්ද විමසීමෙන් පසු දින රාජකාරී නිවාඩු ලබාදෙන ලෙසට අප්‍රේල් මස 25 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළ බව ද එදින තීරණයක් නොගෙන ඡන්ද විමසීම දින රාත්‍රි 11.00ට ඊට අදාළව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් දෙපාර්තමේන්තුවේ අසමත්භාවය පෙන්වීම ගැන කනගාටු වන බවත් එහි සඳහන් කර ඇත.
රාත්‍රියේදී නිවාඩු නිවේදන නිකුත් කිරීමෙන් පාසල් සිසුන් විශාල අපහසුතාවකට පත් වූ බවත් පාසල් පරිපාලන කටයුතු බෙහෙවින් අවුල් වූ බවත් පවසන එම සංගමය දින දෙකකට පෙර ගත යුතු තීරණයක් අතපසු කළ බවට චෝදනා කිරීමට සිදුව තිබෙන බවත් පවසයි.
එසේම පාසල්වලින් බැහැර මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ඩෙස්ක් පුටු ආදිය මහ රෑ ප්‍රවාහනය කිරීමට සිදුවීමෙන් ඇතැම් ස්ථානවල එම කටයුතු අතපසුවීම නිසා අපහසුතා රැසක් පැන නැගුණු බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.