පුවත්

මැතිවරණ කටයුතු ගැන තැපෑලෙන් ප්‍රකාශයක්

Published

on

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කර සිටී.

තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ සියලුම නිවාසවලට බෙදා හැරීම සඳහා 8000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවය.

තැපැල් ඡන්ද සඳහා අදාළ සියළුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහාද තැපැල් දෙපාර්තමේන්තුව බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසයි.

Trending

Exit mobile version