Connect with us

පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ පණිවිඩයක්

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතු සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරයා වෙත භාරදෙන ලෙසය.

තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳසා අතිරේක දිස්ත්‍රික්  රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කල වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවට දැනුම් දෙයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන සඳුදා ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඡන්ද අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ලබන සඳුදා දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන ලෙස කටයුතු කිරීමෙන් වලකින ලෙසය.

පුවත්

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙස දැනුම්දීමක්

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට

Published

on

By

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමක් සිදුවිය.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

Continue Reading

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved