ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් රජය, පොලිස් නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා යොදවන බවත් රාජ්‍ය මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට උත්සාහ දරන බවත් පවසමින් සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සහභාගී වන රැස්වීම් සූදානම් කර ඇති බවය.
එමෙන්ම, මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කොට මැතිවරණ කටයුතු සඳහා බාධා පැමිණවීමට රජය උත්සාහ කරන බවද අදාළ ලිපියේ සඳහන්ය.
ඒ අනුව, මෙම අකටයුතුකම් සඳහා අවධානය යොමු කරන ලෙස සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින ලදී.
අදාළ ලිපිය පහතින්,