පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි.
මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත පසුගියදා අදාළ ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම කියා සිටී.
මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි, සිය කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බැවින් සිය කොමිසම මුදල් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා මාධ්‍යට පවසා තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ ද අනුමැතිය අවශ්‍ය වන දන්වා ඇති බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවිය.
ඉන් පසුව ලබන අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට මේවන විට සැලසුම් කර තිබේ.
2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වලකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග එය තීරණය කෙරිණි.