Connect with us

පුවත්

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Published

on

එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) සිදුකර තිබේ.

මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් යොමුකළ එම නිවේදනයට අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනට අනුව බලයලත් නියෝජිතයන් පත්කිරීම, නාමයෝජනා කැඳවීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර සිදුකළ යුතුය. 

ඒ අනුව මෙම මස 3වනදා නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ, බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදාට පෙ.ව. 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතුව ඇත.

ස්වාධීන කණ්ඩායම් අදාළ කණ්ඩායම් නායකයා විසින් ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී, අපේක්ෂකයන් අතුරින් යම් තැනැත්තකු එම කණ්ඩායමේ බලයලත් නියෝජිතයා ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම මාර්තු මස 13වනදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තබා ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved