පුවත්

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Published

on

මැතිවරණ කොමිෂන් සභාව අද (30)පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.
එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ, ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් අද පැවැත්වෙන රැස්විමේදී සාකච්ඡා කරන බවයි.

පොලිස්පතිවරයා නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබද අද සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා භාරදීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවදානය යොමු කරන බවයි.

Trending

Exit mobile version