ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවය.
මේ අතර ,මැතිවරණයට සෘජු ලෙස බලපෑම් එල්ල කරන තීන්දු තීරණ කිහිපයක් ඊයේ (02) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන බව පැෆරල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයට තීරණ ගැනීමේ ඇති අයිතිය අභියෝගයට ලක් නොකරන නමුත්, මැතිවරණයට සෘජු ලෙස බලපෑම් එල්ල කරන තීන්දු කිහිපයක් ගෙන ඇති අතර, එය බරපතල කරුණක් බවය.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්, බදු අඩු කිරීම සම්බන්ධයෙන් හා පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙම තීරණ ගෙන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේය.
මීට මාස දෙකකට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නොහැකි බවට කැබිනට් ප්‍රකාශයකවරයාම මීට පෙර සඳහන් කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රැවටීමට ලක් කරන ආකාරයක් නිරීක්ෂණය වන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කලේය.
එසේම අනෙකුත් අපේක්ෂකයින්ද විවිධ පොරොන්දු ලබාදෙන අතර, ඡන්ද දායකයින් එම යෝජනා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකිදැයි ප්‍රශ්න කළ යුතු බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.