Connect with us

පුවත්

මැතිවරණ පෙත්සමක් ගොනු කරන්න දී ඇති කාලය දික්කරයි

Published

on

සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව  යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය පසුගියදා යොමුවිය. 

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධව සාකච්ඡා වූ අතර මෙම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ අනුමතිය ලබාදීම ද සිදුවිය.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය අනුව නඩු කටයුතුවල තීන්දු ප්‍රකාශයේ හා නඩු  තීන්දුවේ සහතික පිටපත් නිකුත් කිරීමට අදාළව මෙම සංශෝධන ඉදිරිපත් කර තිබිණි. මේ අනුව නඩුවකට අදාළ පාර්ශ්වයන්ට තීන්දු ප්‍රකාශයේ හෝ නඩු තීන්දුවේ එක් සහතික පිටපතක් නොමිලයේ නිකුත් කිරීමට මෙමගින් විධිවිධාන සපයා ඇත. තවද  ගාස්තු ගෙවීමකට යටත්ව අදාළ පිටපත් ලබා ගැනීමට හැකියාව ලබා දීම ඇතුළු  සංශෝධන මීට අයත්වේ.

මැතිවරණ පෙත්සමක් ගොනු කරන්න දී ඇති කාලය දික්කරයි

මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ. 

වත්මන් නීතියට අනුව මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් මැතිවරණ වියදම් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවුනහොත් මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ලබා දී ඇත. මේ අනුව එම කාලය දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ.

දඩ මුදල් යාවත්කාලීන කරයි

තවද මෙම පනත් කෙටුම්පත මගින් දැනට පවතින මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දණ්ඩන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉසුරු දොඩන්ගොඩ, මධුර විතාන‍ගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved