මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, අද (27) සහ මාර්තු 06 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවය.
මෙම පනත සම්මතවීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැතිවීම හේතුවෙන් අදාළ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වෙයි.
මෙහිදී පක්ෂ නියෝජනය කරමින් රංජිත්මද්දුම බණ්ඩාර, සිසිර ජයකොඩි, උවිඳු විජේවීර ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගි වූහ.