Connect with us

පුවත්

මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

Published

on

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් 1947 වසරේ සිට සෑම මැතිවරණයක් අවසානයේදී දින 31ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් ඔහු පැවසීය.

එසේම එය ලබා නොදීම මෙන්ම වැරදි තොරතුරු ලබා දීම යන දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එහිදී ධුරය සහ ප්‍රජා අයිතිය අහිමි වූ අවස්ථා ඉතිහාසයේ පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ, මෙවර නව පනත මගින් මෙය නීතියක් බවට පත්ව ඇති බැවින් මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අපේක්ෂකයින් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවය.

එසේ ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මගින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව රත්නායක මහතා පෙන්වා දුන්නේ, වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved