Connect with us

පුවත්

 මැතිවරණ විශේෂ විධිවිධන පනතට අනුමැතිය!

Published

on

නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.

මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022-12-12 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණි.

එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines)  උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ( විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස ද 2022-12-12 දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම ඉහත සඳහන් පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව යෝජනා වී තිබේ.

ඒ අනුව, අදාළ සංශෝධනයන් ඇතුළත් කරමින් මෙම නව පනත හඳුන්වා දීම සඳහා පනත් කොටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved