Connect with us

පුවත්

මැතිසබේ වරප්‍රසාද හා ආචාරධර්ම කැඩුවොත් වෙන දේ කියයි

Published

on

යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් නිකුත් කරන ලද චෝදනා පත්‍රයක වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනක් සඳහා චෝදනා වෙන් වෙන් වශයෙන් එකකට වඩා වැඩි ගණනක් දක්වා ඇති විට, සහ එකී මන්ත්‍රීවරයා එකී චෝදනා පත්‍රයේ දක්වා ඇති චෝදනාවලින් එකකට වඩා වැඩි ගණනකට වරදකරු වී ඇති අවස්ථාවක, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය ප්‍රකාරව නියම කළ හැකි උපරිම දඬුවම පිළිබඳව නීතිපතිතුමාගේ මතය විමසූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) සහ 67 ව්‍යවස්ථා, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 22(3), 27(1) සහ 32 වගන්ති සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77(1), 77(2) සහ 77(3) සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වැනි වගන්ති සලකා බලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාවට යටත්ව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවට මතය පැහැදිලි කර ඇති බවද කථානායකවරයා පැහැදිලි කළේය.

ඒ අනුව, එක් සිද්ධියක් සඳහා චෝදනා පත්‍රයේ වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනකට, යම් මන්ත්‍රීවරයෙකු වරදකරු වී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය යටතේ  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකුගේ  සේවය අත්හිටුවීම එක් මාසයක් ඉක්මවන කාල සීමාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිමයකට යටත්ව නියම කළහැකි බව නිරීක්ෂණය වන බවද කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved