පුවත්

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Published

on

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ.

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දුන් උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත්

බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද හඳුන්වයි.

යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්වේ.

රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

එසේම ඒහි භික්ෂු භාවයෙන් මහණ අත්හිටුවා ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.

දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක වීම ද විශේෂත්වයකි.

සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනක බව බෞද්ධ පත පොතේ සඳහන් වේ.

Trending

Exit mobile version