මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහො දිනයක බව පැවසේ.
බුදුවීමෙන් 10 වැනි මාසයේ ශුද්ධෝධන පියරජුගේ ආරාධනයකට අනුව රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්නුවරට වැඩමකරවීම සිදුව ඇතැයි ද කියවේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.