Connect with us

පුවත්

මැදියම් රෑ ගැසට් අවභාවිතා කර සුපිරි ලාභ ලබන සමාගම් වලින් බදු අයකරන්න – CoPF

Published

on

මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලාභ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය. 

මේ අනුව, මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබීය.
පවත්නා තත්ත්වය බරපතළ බව පැහැදිලි වූයේ පසුගිය මාස තුනේ සීනි ආනයනයට අදාළ අත්‍යවශ්‍ය දත්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමත් සමඟය. කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම බදු වැඩිකිරීමේ සැක සහිත කාලය සහ බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඇතැම් සමාගම් විසින් සීනි ආනයනය ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ බදු වැඩි කිරීම IMF මුලපිරීමකට සම්බන්ධ මූල්‍ය පදනම් කරගත් ආදායම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි.  තවද, සීනි ආනයනය හදිසියේ වැඩිවීම උත්සව කාල වකවානු හේතුවෙන් සිදුවන  බව ඔවුහු අවධාරණය කළහ. මෙම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා  පෙර වසරවල විස්තීර්ණ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලබා දෙන ලෙස  කමිටුව පැමිණ සිටි නිලධාරින් හට අවධාරණය කරන ලදී.

එවැනි දැවැන්ත ආනයනවල අවශ්‍යතාවය සනාථ කරන නිශ්චිත සාක්ෂි නොමැතිව අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන විශේෂිත සමාගම් පිළිබඳව කමිටුව අනතුරු අඟවනු ලැබීය. සාමාන්‍යයෙන් මාසිකව සීනි මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කරන සමාගමක් බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කළේ, බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා 200 ගුණයකින් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලාභයක් ලබා ගනිමිනි.

සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට අදාළ ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ භාවිතය අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙලෙස කටයුතු කිරීමට හැකිවීම තුළ බදු අනුපාත වෙනස් කිරීමට හෝ විශේෂිත සමාගම් සඳහා  බදු නිදහස් කිරීම් ලබා දීමට මුදල් අමාත්‍යවරයාට පරීක්ෂා නොහැකි බලයක් ලබා දෙනවා බවද පෙන්වා දුන්නේය. මෙම  දුෂණය තත්ත්වයන් තව තවත්  වර්ධනයවීම හේතුවෙන් මෙම  ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් IMF විසින් ඔවුන්ගේ  විමර්ශන  වාර්තා වලද  කරුණු දක්වා ඇති බව කමිටුව පවසන ලදී

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක, නිමල් ලන්සා හා ඉසුරු දොඩංගොඩ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved