පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.
එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඇනවුම්කර තිබූ බව පැවසූ සභාපතිවරයා එම අවස්ථාවේ මාධ්‍ය වෙත අවධාරණය කලේ බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදල ගෙවීම අනිවාර්ය බවත් මුළු මුදල ගෙවීමකින් තොරව එකදු බස් රථයක් හෝ නොදෙන බවත්ය.
කෙසේ වෙතත් අදාළ ගෙවීම් සිදුකර පක්ෂ 6 ක් විසින් බස් රථ 685ක් ලබාගෙන තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබුණි
දිවයිනේ ප්‍රාදේශික දොළහෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රාදේශික දහයෙන් එහි ප්‍රාදේශික කළමනාකරුවන් විසින් මෙම බස් රථ සපයා ඇති බව පැවසූ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ,
වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා ඇති බවය.