පුවත්

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා, ගෙවල තියෙන්නේ 200යකටයි

Published

on

හෙට (01 වැනිදා) යෙදෙන මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා ඇතත් ඊයේ (29) සවස වනවිට මුදල් ගෙවා ඇත්තේ බස් රථ දෙසීයක් සඳහා පමණක් බව එම මණ්ඩලය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂ වැඩි වශයෙන් බස් රථ ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 107 ක් යටතේ බස් රථ හාරදහස් හත්සියයක් ධාවනය වන අතර ඒ අතරින් බස් රථ එක්දහස් පන්සියයක් සඳහා ඉල්ලුම ලැබී ඇත. මේ බස් රථ දීමේදී රජයේ චක්‍රලේඛවලට අනුව නියමිත ගාස්තු ගෙවීම සිදුකළ යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්ගෙන් කළ විමසුමකදී කියා සිටියේ බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදල ගෙවීම අනිවාර්ය බවය. මුළු මුදල ගෙවීමකින් තොරව එකදු බස් රථයක් හෝ නොදෙන බවය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version