හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ පුත්‍රයා විසින් ලෑන්ඩ් කෘසර් රථයක් පදවමින් මැරීන් ඩ්‍රයිව්හිදී වාහන දෙකක ගැටීමෙන් සිදු කළ අනතුරක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
CCTV දර්ශනවල සටහන් වූ මෙම අනතුර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර තිබිණි.
ඒ අනුව වේගයෙන් පැමිණි ලෑන්ඩ් කෘසර් රථය බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මාර්ග ඉදිකිරීම් කිහිපයක් මඟහැරීමට යාමේදී පාලනය කරගත නොහැකිව තවත් වාහන දෙකක ගැටෙන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබිණි.
ලෑන්ඩ් කෘසර් රථයේ සිටි තරුණයින් බරපතල තුවාල වලින් බේරී ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් ජීප් රථයට සහ වාහන දෙකකට දැඩි හානි සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රියදුරු අර්ල් ගුණසේකර මහතාගේ පුත්‍රයා පොලිසියට කැඳවූ බව පොලිසිය පවසයි.