Connect with us

පුවත්

“මැරුම් නොකා සල්ලි දීපන්” පාතාල මහේෂ්ගේ ඇමතුම් ගම්පහ හොල්ලයි

Published

on

ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිටින ව්‍යාපාරිකයන්ට මේ දිනවල ‘‘ලක්ෂ පනහද ළමයින්ගේ ජීවිතද කියලා තීරණය කරපන්. මැරුම් නොකා එන එවුන්ට සල්ලි දීපන්.’’ යනුවෙන් තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලැබෙමින් ඇතැයි වාර්තා වේ.

දිනපතා පුවත් පතක් විසින් හෙළිකර ඇත්තේ මෙසේ දුරකථන ඇමතුම් ලබාදෙන කප්පම් ජාලයේ ප්‍රධානියා වන්නේ ඩුබායි රාජ්‍යයේ රසල් කයිමා නගරයේ දිවි ගෙවන ‘හීනටියන මහේෂ්’ නමැත්තා බවයි.

ඇතැම් ව්‍යාපාරිකයන් මෙම දුරකතන ඇමතුම්වලට අවනතව මුදල් ලබා දී ඇති බවත්, මෙම තර්ජනයට විරෝධය දැක්වූවන් මරණ තර්ජනයට ලක් වී ඇති බවත් එහි දැක්වේ.

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ සරුංගලයක ආරවුලකට මාස කිහිපයකට කලින් තරුණයන් දෙදෙනකු ඝාතනය කළ සැකකරුවන් හට වියදම් කිරීමට අවශ්‍ය බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් මේ වන විට කප්පම් එකතු කිරීම ආරම්භ කර ඇති බවද පැවසේ.

ආඬිඅම්බලම, කෝවින්න ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයන් රැසකගෙන් මේ වන විට ලක්ෂ 50 සිට 100 දක්වා ඉල්ලා තිබෙන බවද දැනගන්නට තිබේ. 

මුදල් ලබා නොදුනහොත් එක් ව්‍යාපාරිකයකුගේ දරුවන් මරණ බවට තර්ජනය කිරීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් සිය දරුවන් විදෙස්ගතකර ඇතැයි පැවසේ.

වැලි සේදීමේ ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාර ස්ථානයට පැමිණි හීනටියන මහේෂ්ගේ ගෝලයන් පිරිසක් කප්පම් මුදල් ලබාදෙන ලෙස පවසා ඇති බද එම පුවත්පත හෙළිකරයි.

ඒ අනුව ඔවුන් එක් වැලි ලොරියකින් රුපියල් දාහක් ගෙවන ලෙස තර්ජනය කර ඇති බව වාර්තා වේ.

එම ව්‍යාපාරිකයා එයට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහුට හීනටියන මහේෂ් විසින් සුදු කොඩි දැමීමට සූදානම්ව සිටින ලෙස තර්ජනය කර ඇතැයි පැවසේ.

හීනටියන මහේෂ් නමැත්තාට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා රැසක් එල්ල වී තිබෙන බවත්, ඔහු ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් ඇත්තේ මහාධිකරණයේ විභාගවන නඩු දෙකකින් වරදකරු වීමට ඔන්න මෙන්න තිබියදී බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට චෝදනා එල්ලව දැනට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන ජූඩ් නමැත්තකු විසින් මොහුව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායි රාජ්‍යට ගෙන්වාගෙන ඇති බව පැවසේ.

මේ අතර, පසුගියදා කටුනායක ප්‍රදේශයේ දී පොලිසියට බෝම්බයක් ගැසීමට සූදානම් වූ අවස්ථාවේ දී පොලිස් වෙඩිපහරින් මියගිය පුද්ගලයා මොහුගේ කප්පම් කල්ලියේ ප්‍රධානියකු බවද පැවසේ. 

එමෙන්ම ඔහු හීනටියන මහේෂ්ගේ අණට අනුව කළ වෙඩි තැබීම්වලදී වෙඩික්කරු පිටුපස තබාගෙන යතුරු පැදිය පැදවූ පුද්ගලයා බවටද හෙළි වී ඇත.

මහේෂ් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ගෝලයන් අත්අඩංගුවට ගන්නා පොලිසියේ නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටද මරණ තර්ජන කර විවිධ පෝස්ට් පළකරමින් සිටින බවට ද මේවන විට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

විවිධ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් කප්පම් ලබා ගන්නා හීනටියන මහේෂ්, කෙසෙල් බද්දර පද්මසිරිගේ නමද භාවිත කර ඇති බව පැවසේ. 

පස් පොඩ්ඩා නමැත්තා ඝාතනයට චෝදනා එල්ල වී සිටින මෙම පද්මසිරි හට ව්‍යාපාරිකයන් ඇමතුම් ලබාදී මුදල් ලබා දීමට නොහැකි බව පැවසූ විට ඔහු පවසා ඇත්තේ තමන් කිසිදු අයුරකින් කිසිම පුද්ගලයකුගෙන් රුපියලක්වත් ඉල්ලා නොමැති බවයි. 

ඒ අනුව එලෙස කප්පම් ඉල්ලන්නේ හීනටියන මහේෂ්ගේ කල්ලිය බව අනාවරණය වී ඇත.

දැනට ඉන්දියාවේ සිටින බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වන බව කියන හීනටියන මහේෂ් තර්ජන කිරීම්වලට ඔහුව යොදා ගන්නා බවද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

මහේෂ්ගේ තර්ජන හේතුවෙන් බහුතර ව්‍යාපාරිකයෝ දුරකතන භාවිතය අතහැර දමා ඇතැයි ද පැවසේ.කප්පම් දෙන්න එපා ඉල්ලුවොත් කියන්න – නිහාල් තල්දූව

‘‘කවුරුන් හෝ කප්පම් මුදල් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ලිඛිතව හෝ වාචිකව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හෝ සහකාර පොලිස් අධිකාරිවරයකුට දැනුම් දීමට හැකියාව තිබෙනවා. පැමිණිලි කරන්නන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කර විමර්ශන සිදුකිරීමට පොලිසිය කටයුතු කරනවා. එම නිසා ඕනෑම සිදුවීමක් පැමිණිලි කිරීමට බියවීම අවශ්‍ය නැහැ.’’ මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගේ මහතා කියා සිටී.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved