මැලේසියානු හා ජපාන වැසියන්ට ලංකාවට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර මෙම සහනය රටවල් 05ක් සඳහා අනුමත වී තිබූ අතර එම රටවල් වනුයේ ඉන්දියාව, චීනය, රුසියාව,ඉන්දුනීසියාව සහ තායිලන්තයයි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, 2024 මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.
සබැඳි පුවත් :
රටවල් 5කට මෙරට වීසා නොමිලේ