පුවත්

මැලේසියාවේ දී ලාංකිකයින් ඝාතනය කළ බවට සැක දෙදෙනෙකු භාරවෙයි

Published

on

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවය.

සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගියදා සොයා ගෙන තිබුණි.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයත් යුවළගේ පුත්‍රයා වන අතර අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවට වාර්තා වුණි.

ඔවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන්ය.

Trending

Exit mobile version