Connect with us

පුවත්

මැ.කො. විසින් විශේෂ දැනුම් දීමක්

Published

on

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නීති විරෝධීව ලබාදී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේවන විට බලාත්මක වීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම තීරණය ගෙන ඇත.

මැතිවරණ පනත අනුව මැතිවරණ කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක් ,අපේක්ෂකයෙක් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළයුතුව ඇතත් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට හිටපු පළාත් පාලන නියෝජිතයන් හා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී ඇති අපේක්ෂකයන්ට පත්වීම් ප්‍රධානය කර ඇතිබවට මැතිවරණ නිරීක්ෂකයන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙමින් එසේ ලබා දී ඇති සියලු පත්වීම් වලංගු කරන ලෙසට පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

පුවත්

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල (UPDATE)

Published

on

By

ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.

ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.


(පෙර පුවත : පස්වරු 1.08 – 2025/06/24 )

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය  ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.

Continue Reading

පුවත්

අගමැතිනිය කැනඩාවට

Published

on

By

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය. 

Continue Reading

පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved