පුවත්

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Published

on

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය ගියේය.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි.

එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා ස්ථානයේදීම මියගොස් තිබුණි. 

ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසේ.

මෙම වෙඩි තැබීමෙන්, 6 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. 

පොලීසිය පැවසුවේ ඨ්56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී සිටි හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද සිටි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version