Connect with us

පුවත්

මිදිගම ඝාතනයට සැකකරුවන් 8ක් අත්අඩංගුවට

Published

on

මිදිගම දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 19 වන දින මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ ගිනිඅවිවලින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකලේය.

වෙඩිතැබීම සිදුකළ සැකකරු, අපරාධයෙන් පසු ගිනිඅවිය සහ පතරොම් 05ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් ඊයේ (03) වැල්ලවාය, අහංගම හා මිදිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

පසුව ඔවුන්ව මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, වෙඩි තැබීමෙන් පසු අවිය ප්‍රවාහනය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 42 ත් අතර වයස්වල පසුවන අහංගම, වැලිගම හා වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 41ක් වන අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පිස්තෝල අවිය සන්තකයේ තබා ගෙන සිටි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 1,542,000/- පොලිස් භාරයට ගෙන ඇති අතර, මොහු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වි තිබේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved