මීට මාස 4කට පෙර පිලියන්දල ප්‍රදේශයේ අවමගුල් උත්සවයකදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක කළ කතාබහක් සහිත වීඩියෝවක් අද ඊයේ හමුවූ එකක් ලෙස පෙන්වමින් ජවිපෙ සහ ආණ්ඩුවේ පිරිස් පහත් පෙළේ ප්‍රචාරයක් ගෙනයමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියයි.
මෙය ඉතා පහත් ක්‍රියාවක් බව කී මරික්කාර් මහතා මේ සිදුවීම හේතුවෙන් මින් මතුවට කිසිවකුත් ජනාධිපතිවරයා සමග මළගෙදරකදී හෝ කතා නොකරනු ඇති බවද කියා සිටියේය.