Connect with us

පුවත්

මිනුවන්ගොඩ Brandix හි සේවක සේවිකාවෝ 133කට පැපොල  

Published

on

මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් (Brandix) ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙහි සේවක සේවිකාවන් හැටහතර දෙනකුට මුලින්ම රෝගය වැළඳී ප්‍රතිකාර සඳහා යොමුකර නැවත සේවයට වාර්තා කර ඇත.

ඒ සමග තවත් සේවකයන් 69 දෙනකුට නැවත පැපොල රෝගය ආසාදනය වී ඇතැයි හෙළිවී ඇත.

අදාළ සේවන සේවිකාවන්ට පාලනාධිකාරිය විසින් නිසි ලෙඩ නිවාඩු ලබා නොදීම මේ රෝගය පැතිරයාමට හේතුවී ඇති බවට ද එම ප්‍රදේශයේ කතා බහක් පැතිර තිබේ.

පුවත්

පාතාල ලොක්කෙක් දරුවන් හා තරුණයන් එක්කරන් පාතාල හමුදාවක් හදලා

Published

on

By

කොළඹ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ව සිටින පලනි රිමෝෂන් නැමැත්තා විසින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් හා තරුණයන් සම්බන්ධ කරගනිමින් පාතාල හමුදාවක් නිර්මාණය කරගනිමින් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය 16 වැනිදා කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු හා එම පුද්ගලයාගේ ලොකු අම්මා වන 70 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වූ 42 හැවිරිදි පුද්ගලයා ඉලක්කර ගෙන බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබිණි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මීට වසරකට පෙර ජින්තුපිටියේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන අතර ඔහු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුට නවාතැන් දුන් පුද්ගලයා බවද අනාවරණය වී ඇත.

එම පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනවලට අනුව වෙඩික්කරු හා ආධාර අනුබල දුන් 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු නීතිඥවරුන් මාර්ගයෙන් පෙරේදා කොටහේන පොලිසියට භාර වී තිබිණි. සැකකරුවන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

වෙඩි තැබූ බව කියන 17 හැවිරිදි තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් පලනි රිමෝෂන්ගේ වුවමනාවට වෙඩි තැබු බවය. පාතාල ලෝකයට පිවිසීමට ඇති ආසාව හේතුවෙන් තමා මෙම වෙඩි තැබීම සිදුකළ බවත් ඒ සඳහා මුදල් ලබානොගත් බවත් සැකකරු පවසා ඇත.

පලනි රිමෝෂන් බලවයස්කරුවන් අපරාධ ක්‍රියා සදහා යොදාගැනීමට කටයුතු කරන බවත් සැකකරු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සිද්ධියට අදාළව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 18 හැවිරිදි සැකකරු වෙඩික්කරු හා අනෙක් පිරිස දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කිරීම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරවින්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් හමුවී නැත.

සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

සෞඛ්‍ය ඇමැති ස්විට්සර්ලන්තයට!

Published

on

By

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.

මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළුව පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ  දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසරේ  ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය.

Continue Reading

පුවත්

පුංචි ඡන්දයේ අතිරේක නම් අද ගැසට්ටුවට

Published

on

By

 පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.

අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved