Connect with us

පුවත්

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි (UPDATE)

Published

on

මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,002 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති බව නවතම විදෙස් වාර්තාවල සඳහන්ය.

(පෙර පුවත 2025 මාර්තු 29, පෙ.ව.8:36)

මියන්මාර් භූකම්පනයෙන් මියගිය ගණන ඉහලට!

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කර සිටියේ පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු විය.

කෙසේ නමුත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය.

මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද දැනී තිබුණි. 

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.

ඒ අතර බැංකොක් නුවර සම්පූර්ණයෙන්ම කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලක් ද විය.

භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණි.

භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved