මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.
2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙනි.
මේ හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.