ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයීමේ තත්ත්වය සම්බන්ධව සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව, දැනට මිල දී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3කින් අඩු කරගත හැකි බව පෙන්වා දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය.
එමෙන්ම ඖෂධ ප්‍රසම්පාදනයේදී කෙරෙන මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී KPMG ආයතනය විශේෂ විශ්ලේෂණයක් සිදු කොට ඇති බව ද රණවක මහතා විසින් අනාවරණය කළේය.
අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
දැනට අමාරුවෙන් උපයාගෙන තිබෙන ඩොලර් ප්‍රමාණය ජනතාවගේ ජීවිත බේරා ගැනීමට භාවිත කරන ලෙස ද රණවක මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
මූලාශ්‍රය – දිනමිණ