Connect with us

පුවත්

මිල්කෝ, ඉන්දියාවේ අමුල්ට නොදෙන බව නාමල් මැතිසබේදී කියයි

Published

on

රජයට අයත් මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“එන්.එල්.ඩී.බී. ගොවිපොළවල්, මිල්කෝ ආයතනය අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට ඍජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ. මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒකට අදාළව දේශීය ආයෝජකයන් හා ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීම පිළිබඳ සාකච්ඡා කරලා කටයුතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.”

මෙරට කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යැයි පවසමින් මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපොළවල් ඉන්දියාවේ අමූල් සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීම සඳහා මුදල් ඇමැතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ එවක කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් පසුගිය වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදු කළ සංචාරය අතරතුරදී එරට අගමැතිවරයා පවසා තිබුණේ මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදෙන බවය.

ඒ අනුව, ඉන්දියාවේ පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ලෙද අමූල් සමාගම සහ මෙරට සමාගමක් සමග එක්ව මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල් 99 වසරක බද්දට ගෙන ඒවා දියුණු තත්ත්වයට පත් කිරීමට කටයුතු සැලැසුම් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, අමූල් සමාගම විසින් මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු කර්මාන්තශාලා, ගොඩනැගිලි සඳහා රජය විසින් රුපියල් බිලියන 90 ක තක්සේරුවක් සිදුකර තිබූ අතර, හයිලන්ඩ් නාමය සඳහා රුපියල් බිලියන දෙකක තක්සේරුවක් ලබාදී තිබිණි.

මීට අමරතරව, ජාතික පශු සම්පත් මණ්ඩලයේ තිබෙන උපකරණ ආදිය සඳහා වෙනම තක්සේරුවක් සිදු කිරීමට නියමිතව තිබිණි.

ඉන්දියාවේ අමූල් සමාගමට කොටස් සියයට 52 ක්ද, මෙරට සමාගමට කොටස් සියයට 48ක්ද පැවරෙන අතර දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අවුරුදු 99 ක බදු ගිවිසුමකට යටත් කිරීමට එහිදී සැලැසුම් සකස් කර තිබිණි.

මෙම ආයතනවල සේවයේ නියුතු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවද එම පුද්ගලික සමාගම් විසින් රජයට දැනුම්දී තිබූ බව පැවසේ. 

මිල්කෝ ආයතනයේ සේවයේ නියුතු අයවලුන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගනු ලබන්නේ නම් ඉහළ පාරිතෝෂික මුදලක් ලබාදීමටද රජය සැලසුම් කර තිබිණි.

කෙසේවුවද, අදාළ ගිවිසුමට අනුව ඉන්දියාවේ අමූල් සමාගමට එරටින් කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය කර අලෙවි කිරීමට හැකියාවක් නොවේ.

මිල්කෝ සමාගම සතු නාරාහේන්පිට කර්මාන්තශාලාව සහිත භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට නියමිත අතර, බඩල්ගමට මිල්කෝ ප්‍රධාන කර්මාන්තශාලාව රැගෙන යාමට සැලැසුම් කර තිබිණි.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved