පුවත්

මිල්කෝ සේවකයින් 13ට ඇප

Published

on

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඊයේ (25) පස්වරුවේ මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් කටයුතු කර ඇත.

ඒ, සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගත් තීන්දුවක් මුල් කරගනිමිනි.

කොල්ලුපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් කළ දැනුම්වත් කිරීමක් අනුව පොලිස් නිලධාරීන් පැමිණ මැදිහත් වීමෙන් සභාපතිවරයා ඇතුළු පිරිස පිටතට රැගෙන ආවේය.

එම සිදුවීමට මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනි.

(මුලාශ්‍රය – අද දෙරණ)

සබැඳි පුවත් :

පොහොට්ටු ලේකම් රේණුකව සිරකරගත් මිල්කෝ සේවකයෝ 13ක් අත්අඩංගුවට

Trending

Exit mobile version