පුවත්

මිල්ලනිය පාසලේ සිසුන්ට පහරදීම ගැන පරීක්ෂණයක්

Published

on

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 5 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවය.

ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරියක් විසින් ළමුන් පුස්තකාලය වෙත රැගෙන ගොස් පහර දී තිබුණු බවට වාර්තා වෙයි.

අනතුරුව එම ළමුන් පිරිස පොලිස් නිලධාරින් පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ, විදුහල්පතිනියගේ දැනුම්දීම අනුවයි.

පොලීසිය වෙත රැගෙන යන අතරතුර ජීප් රථයේදී ළමුන් තුන් දෙනෙකුට විදුලි සැර වැදී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඒ අයුරින් ළමුන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා සිය පොලිස් ඒකකය භාරයට ගත් බවය.

(නිවුස් ෆස්ට්)

Trending

Exit mobile version