පුවත්

මිලියන තිස්දාහක වටිනා බෝග සතුන් නිසා විනාසයි

Published

on

2022 වසරේ පළමු භාගයේ වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇති බවට වාර්තා වේ.

මේ බව සඳහන් කළේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාවයි.

මේ අනුව වන සතුන් විසින් විනාශ කරන ලද එම ආහාර බෝග වල වටිනාකම රුපියල් මිලියන 30,215ක් යැයි එම වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව පෙන්වා දෙන කාරණා අවධානයට යොමු කරමින් වන සතුන් විසින් මෙරට වගාවන්ට සිදු කරන හානි හා වන අලි – මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Trending

Exit mobile version