රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ (13) රාත්‍රියේ මෙලෙස රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමෙන් පසුවයි.
සැකකාර 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි දියණිය මෙරට විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවට වාර්තා වේ.
ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි වැනි විවිධ වර්ග වල මැණික් හමුවී ඇත.
(ඡායාරූපය : අදදෙරණ)