අදාල බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මැණික් ගල් තොගයක් සමග රටින් පිටවීමට උත්සාහ කළ චීන ජාතික යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී මැණික් ගල් 175 සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රු. මිලියන 50කට ආසන්න බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිත බව පොලිසිය කියා සිටියි.